ඉදිරි සති දෙකේ ශ්‍රී ලංකාවට වෙන්න යන දේ මෙන්න...හමුදාපති ගෙන් දැනුම්දීමක්.

Covid Corona Shavendra Silva Sri Lanka risk
By Aruna Aug 08, 2021 12:47 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝනා ආසාදිතයා සහ මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවීමට ඉඩ ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දැනට ඇති දත්ත විද්‍යානුකූලව විමර්ශනයේදී මේ තොරතුරු හෙළි වී ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙරට ආසාදිතයන් සහ මරණ වල වැඩි වීමක් දක්නට ඇති නිසා පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.

මේ අතර ඊයේ දින කොරෝනා ආසාදිත මරණ 98 ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන අවාසනාවන්ත ලෙස 5000 ඉක්මවා තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ මෙම මරණ තහවුරු කර ඇති අතර ඊට පිරිමි පුද්ගලයින් හතළිස් හතක් සහ කාන්තාවන් පනස් එකක් අයත්.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 5017 දක්වා ඉහළ ගොස් ඇති අතර අවුරුදු තිහත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ විස්සක් ද ඊයෙ තහවුරු කළ මරණ අතර වනවා ඒ පිරිමි පුද්ගලයින් 12ක් සහ කාන්තාවන් 8ක් වශයෙන් .

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩය මරණ 78 මෙම පිරිසට අයත් ඒ පිරිමි පුද්ගලයින් 35ක් සහ කාන්තාවන් 43 ක් වශයෙන්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now