"නමට පිරිමි වෙච්ච ලොන්තයො ඉන්නවා"’ ශේෂාද්‍රි තැබූ සැර ප්‍රකාශය (PHOTOS))

Gossip shanudrie sheshadrie priyasad Sheshadrie
By Sithumi Jan 20, 2022 03:18 PM GMT
Sithumi

Sithumi

Report

කලා ක්ෂේත්‍රය තුළ සිටින තවත් එක් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. සිය පවුලේ උරුමයෙන්ම රංගන හැකියාව ප්‍රගුණ කළ ඇය මේ වන විට රටම දන්නා දක්ෂ රංගන ශිල්පිනියක් වී හමාරයි. ඇයගේ පවුලේ සිටින ඇගේ සොයුරියන් දෙදෙනා වන දිනක්ෂි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් යන දෙපළ ද කලා ක්ෂේත්‍රය තුළ බොහෝ වැඩ කටයුතු කරන රංගන ශිල්පීන් දෙපලක් වගේම නර්තන ශිල්පීන් දෙපලක්. ප්‍රියසාද් පවුල ගැන නිරන්තරයෙන්ම සමාජය කතාබහට ලක්වනවා.

ඒ සාරංග සහ දිනක්ෂිගේ පුංචි දියණිය නිසායි. ඔවුන්ගේ පවුල ආලෝකමත් කරමින් ගෙදරට පුංචි දියණිය නිසා මුළු පවුලම සතුටු සාගරේ ගිලෙමින් තිබෙනවා. ශේෂාද්‍රි ප්‍රියසාද් සිය පළමු විවාහයෙන් වෙන් වී දෙවන වරට විවාහ වූ තරුණියක්. ඇයගේ පළමු විවාහ ජීවිතයේ ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමුදීම ට ඇයට සිදුවුනා. මේ වන විට දෙවන වරට විවාහ වී සිටින්නේ ඔබ කව්රුත් දන්නා doctor සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන සහ ගායන ශිල්පියෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමගයි.

ඔවුන් දෙදෙනා මේ වන විට වෙනම නිවාසයකට පදිංචිව ගොස් ඇති අතර ශේෂාද්‍රිට ක්‍රිෂාන්ගේ පවුලේ උදවිය ඉතාමත්ම ආදරය කරන බව එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියා.

ඒ වගේම තමයි ක්‍රිෂාන්ට සහ ඇයට ඔවුන්ගේ ආදරයේ දී ඇති වූ යම් යම් අත්දැකීම් නිසා ඔවුන් දෙදෙනා තේරුම් ගැනීමට ඉතාමත්ම පහසු බවත් ඔවුන් දෙදෙනා හොඳ අවබෝධයකින් යුක්තව සිය පවුල් ජීවිතය ගෙන යන බවත් ඇය පවසා සිටිනවා. ඉතින් අද දිනයේ දී ඇය ඇයගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉතාමත්ම සැර ප්‍රකාශයක් කරලා තිබුණා.

ඒ තමයි ‘ නමට පිරිමි වෙච්ච සමහර ලොන්තයෝ ඉන්නවා. උන්ගේ තියරියට අනුව උගෙ අම්මයි සහෝදරියයි ඇරෙන්න ලෝකෙ ඉන්න අනෙක් ගෑනු ඔක්කොම බඩු කියලා හිතන් ඉන්නේ ‘ කියල තමයි ඇය ඇයගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණේ. ඉතින් ඇය එම පෝස්ටුව කුමන අරමුණක් උදෙසා දැමුවාදැයි අප දන්නේ නැහැ. කෙසේ නමුත් ඇයගේ ඉදිරි අනාගත කටයුතු සඳහා සුබ පතනවා.


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery