රාජපක්ෂවරියකගේ වාහනයේ ඉස්සරහ රෝද දෙකටම වැලි පුරවලා වහලා...මාධ්‍ය මගින් "මට සහාය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා"(VIDEO).

Sri Lanka Shermila Rajapakshe
By Aruna Mar 25, 2022 02:18 AM GMT
Aruna

Aruna

Report

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සියලු පශු වෛද්‍ය නිලධාරීන්ඊයේ (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්විය.

ඒ රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයින් පිරිසක් එහි සේවය කරන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට පහරදීමේ සිද්ධියට අදාළව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමින්ය.

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට එහි සේවකයින් පිරිසක් පසුගිය දා (23) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබුණා.

ඒ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ද එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටින අතරතුරදී වීම ද විශේෂත්වයක්.

පහරකෑමෙන් තුවාල ලද පශු වෛද්‍යවරයා හම්බන්තොට මහරෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.‍

රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලද ඩෝරා සිංහ පැටවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ‍ලෙස ප්‍රියසාද් එදිරිවර්ණ මහතා පසුගිය සමයේ කතාබහට ලක්වු වෛද්‍යවරයෙකි.

මෙම සිද්ධියෙන් අනතුරුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේදී තමන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ, “ඊයේ මං රිදියගම සිට කොළඹ එනකොට මගේ වාහනයේ ඉස්සර රෝද දෙකටම වැලි පුරවලා වහලා තිබුණා.”

“ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, මමත් තවත් කිහිප දෙනෙක් ඉන්නකොට අමාත්‍යවරයා මට කිව්වා ජනමාධ්‍ය මගින් මට සහාය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා කියලා.”

“කනගාටුවට කාරණයක්. කාන්තාවක් හැටියට මම ලැජ්ජා වෙනවා.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now