මගේ අම්මයි තාත්තයි වෙන්වෙලා ඉන්න නිසා ඉස්සර ඉදන්ම මට ඉරිසියාව තිබුණා- ජනප්‍රිය නිළි ෂෙහානි කහදවල (PHOTOS)
අපේ කලා ක්ෂේත්රයේ ඉන්න බොහෝ රසික පිරිසක් ආදරය කරන ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහදවල කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ කාගේත් ආදරය දිනා ගත්ත අපේ ආදරණීය රංගන ශිල්පිනිය ගැන නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා.
ඉතින් ලොවක් හදුනන ඇය මේ වන විටත් රංගනය වගේම නර්තනය හරහාත් නිරූපන ක්ෂේත්රයේත් කැපී පෙනෙන චරිතයක් වෙලා හමාරයි. ඒ වගේම අපිට ඇයව මියුසික් වීඩියෝ වලින් වගේම වෙළඳදැන්වීම් වලිනුත් නිතරම දකින්න ලැබෙනවා.
ඉතින් මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් ඇය අද වෙද්දී ගතකරන ජීවිතේ එක්ක බලද්දී ඇය කරපු කැපකිරීම ගැන තියෙන්නේ ලොකු සතුටක්ලු. ඇය වැඩක් බාරගත්තට පස්සෙ ඇය ඒකෙදි සියයට දාහකින්ම ඇයගේ උපරිමයෙන්ම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, කාලය කැපකරනවා කියලත් ඇය පවසනවා.
කලාවෙදි වුණත් ඇය එකපිට වැඩ දෙක තුන කලවම් කරගන්නේ නැහැලු. ඇය නිවැරදිව, වෙලාව සකස් කරගෙන වැඩ කරනවා කියලයි ඇයනම් කියන්නේ. ඇතැම් අවස්ථාවලදී බාරගත්තු දේටම කැපකිරීම් කරපු නිසා පසුව ලැබුණ හොඳ වැඩ මඟහැරුණු අවස්ථාත් තිබුණා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම පුංචි කාලේදී ඇයගේ ජීවිතේ ඉරිසියාව කියන දේ උපරිමයෙන්ම දැනිලා තියෙනවාලු. ඇයගේ අම්මයි, තාත්තයි වෙන්වෙලාලු ඉන්නේ. පුංචි කාලේදී කාලයක් ඇයගේ ළඟ අම්මා හිටියාලු.
තවත් කාලයක් තාත්තා හිටියාලු. දෙන්නම ඇයගේ ළඟ එකට හිටියේ නැහැලු. කවදාවත් ඒ දෙන්නාගේ අත්දෙකේ එල්ලිලා ඒ දෙන්නා එක්ක යන්න එන්න ඇයට පුළුවන් වුණේ නැහැ කියලත් ඇය පවසනවා. අවුරුදු ගාණක් තාත්තා එක්ක, අවුරුදු ගාණක් අම්මා එක්ක මාරුවෙන් මාරුවට තමයිලු ඇය ඇයගේ පුංචි කාලේ ගත කළේ.
ඇයගේ වයසේ ළමයින්ගේ දෙමව්පියන් දිහා බලලා ඒ ආදරය දිහා බලලා පුංචි කාලේ නොතේරුම්කමට ඇය ඒ ආදරයට උපරිමයෙන්ම ඉරිසියා කරලා තියෙනවාලු. ඒ ඉරිසියාව දරාගන්න බැරිව ඇය පුංචි කාලේදී අඬලත් තියෙනවාලු. දැන්නම් ඒ හැමදේම ඇයට හොඳට තේරෙනවාලු. ඉතින් දැන්නම් කාටවත්, කිසිම දේකට ඇය ඉරිසියා කරන්නේ නැහැලු. ඉතින් ඒ වගේම ඇයගේ ජීවිතේ කඩාවැටීම් ඇයට බොහෝ වෙලාවට දැනිලා තියෙනවාලු.
ඇය පවුලේ එකම ළමයා නිසා ඒවා ගොඩක්ම දැනුනේ. ඒ නිසා ඇය හැදුනේ තනියමලු. පුංචි කාලේ ඇයගේ අම්මයි, තාත්තයි ඇයගේ ළඟ නැතිවීම ගැන හිතලා ඇය කඩාවැටිලා තියෙනවාලු. ඔහොම ජීවිතේ ගෙවෙද්දී ඇය කවදාහරි දවසක තනියම නැගිටිනව කියල හිතාගත්තා කියලත් ඇය පවසනවා. සමහර ළමයින්ගේ අම්මයි, තාත්තයි වෙන්වුණාට පස්සේ ජීවිතේ ඔහේ නිදැල්ලේ ගතකරනවා කියලනේ හිතන්නේ.
නමුත් ඇයට එහෙම වෙන්න ඕන වුණේ නැහැලු. ඇය අවුරුදු තුනහමාරේ ඉඳන් තනි ජීවිතයක් ගතකරපු කෙනෙක් කියලත් ඇය පවසනවා. පුංචි කාලේදී ජීවිතේ අනන්තවත් කඩාවැටීම් වුණාටත් පස්සේ එක තැනකදී ඇය කොයි පැත්තකින් හෝ අලුත් කෙනෙක් විදිහට නැගිටිනවා කියලා හිතාගත්තාලු. ඇය දුක් විඳපු හැටියට ජීවිතේ කඩා වැටුණ හැටියට අද ඇය ඉන්න තැන ගැන ඇයට තියෙන්නේ ලොකු සතුටක්ලු.
ඇයගේ අම්මා එක්ක අද නිදහසේ ජීවත් වෙනවා වගේම ඒ ගැන ඇයට ගොඩක් සතුටුයි කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ ප්‍රථම ප්‍රේමය පාසැල් ප්රේමයක්ලු. ඒක සුන්දරයි කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම මේ වෙනකොට නම් ඇය පෙම්වතියක් නෙවෙයිලු. බොහෝ කාලයකට උඩදී පෙම්වතියක් වෙලා හිටියාලු. නමුත් ඇයට දැන් පෙම්වතියක් වෙනවාට වඩා ඇයගේ තිබෙන ඉලක්කවලට යන්නයි ඕනේ කියලයි ඇය පවසන්නේ. ඇයගේ අම්මාගේ හිත සතුටු කළාට පස්සේ ඇයට ඒ හැමදෙයක් ගැනම හිතන්න පුළුවන්ලු.
ඇයට අවුරුදු දොලහේදී ඉඳන් තනියම ඇයව හදපු ඇයගේ අම්මට තෑග්ගක් විදිහට ඇයට පුළුවන් උපරිම දුරක් ඇය අම්මාව එක්කගෙන යනවා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒක තමයිලු ඇයගේ ලොකුම ඉලක්කය වෙන්නෙත්.