ශ්‍රී ලංකාව විශාල ජයග්‍රහණයක් ලබයි..යුධ හමුදාපතිගෙන් දැනුම් දීමක්..

Shavendra Silva Sri Lanka Vaccines Cocid
By Aruna Sep 10, 2021 05:12 AM GMT
Aruna

Aruna

Report

මෙරට වයස 30 ට වැඩි කෝටියක පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදී අවසන් කර තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එය විශාල ජයග්‍රහණයක් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ‍.

වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට ඉදිරි දෙසතියේදී එන්නත ලබාදීම සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවත්, වයස අවුරුදු 20 ත් 29 ත් අතර කාණ්ඩයේ පිරිසටද දිස්ත්‍රික්ක හයකදී එන්නත්කරණය කඩිනමින් සිදුකරන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

මේ දින වල ශ්‍රී ලංකාව ලෝකයෙන්ම එන්නත්කරණයෙන් පළමු ස්ථානය ලබා ගෙන තිබීමද විශේෂත්වයක්.

මේ අතර මෙරට හාර ලක්ෂ විසි නව දහසකට කොවිඩ් මර්දන එන්නත පෙරේදා (08) ලබාදී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

මෙරට ගර්භණී කාන්තාවන් ලක්ෂයකට වැඩි පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha