යුධ හමුදාපති විශේෂ ප්‍රකාශයක් කරන්න යයි..(LIVE)

Sri Lanka Army Sri Lanka
By Aruna May 31, 2022 03:28 AM GMT
Aruna

Aruna

Report

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මැයි මස 31 වන දින එනම් අද දින යුද්ධ හමුදාධිපති ධුරයෙන් නික්මයාමට නියමිතව තිබෙනවා.

අනතුරුව ඔහු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතයි.

මෙලෙස නික්ම යන යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් භට පිරිස් ඇමතීමේ සජීවී විකාශනය මේ වන විට ආරම්භවී තිබෙනවා.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධුරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසත් කටයුතු කරමින් සිටියේ ය.

මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now