යුධ හමුදාපතිගෙන් අනාවරණයක්..ලබන සතිය ගැනත් කියයි..

Covid Army Sri Lanka Vaccines Shavendra silva
By Aruna Sep 03, 2021 05:12 AM GMT
Aruna

Aruna

Report

වයස අවුරුදු 20 ත් 30 ත් අතර කාණ්ඩයට කොවිඩ් එන්නත්කරණය ආරම්භ කෙරුණේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ නිර්දේශ අනුව බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අවුරුදු 30 ට වැඩි පිරිසට බූස්ටර් මාත්‍රාවක් දීම හෝ 20 ත් 30 ත් අතර කාණ්ඩයට එන්නත්කරණය ආරම්භකිරීම යන දෙකෙන් වඩාත් සුදුසු කුමක්දැයි නිර්දේශ ලබා දෙන ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය විද්වතුන්ට දැනුම් දී තිබූ බවද යුධ හමුදාපතිවරයා පැවසුවා.

ඒ අනුව ඊයේ දිනයේදී 20-30 කාණ්ඩයේ එන්නත්කරණය ආරම්භ කල බව ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

කෙසේවෙතත් එම කාණ්ඩයේ ලක්ෂ 08 ක් පමණ වන සැළකිය යුතු පිරිසකට දැනටමත් එන්නත් ලබාදී අවසන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඇගලුම් ක්ෂේත්‍රය වැනි ඇතුලු අත්‍යවශ්‍ය සේවා වල රැකියාවල නිරත වන්නන් ඒ අතර වනවා.

ඒ අනුව අවුරුදු 20 – 30 කාණ්ඩයේ එන්නත් නොලද අයට ඊයේ සිට එන්නත්කරණය ආරම්භ කළා.

මේ අතර ලබන සතිය තුළදී තවත් එන්නත් මාත්‍රා මිලියන 08 ක් දිවයිනට ලැබීමට නියමිත බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now