ශානි අබේසේකර නිදහස් කෙරේ.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Magistrate Court
By Hashini
ඝාතන නඩුවකට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට වූ චෝදනාවෙන් හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු 4 දෙනෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද(25) නිදහස් කරනු ලැබුවා.
නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බවයි.
පොලිස් පරීක්ෂකවරුන් වන සුගත් මෙන්ඩිස්, නිශාන්ත සිල්වා හා ආර්. ප්‍රේමතිලක යන අය අද දින නිදහස් කෙරුණු අනෙක් පුද්ගලයන්ය.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2020 වසරේ අගෝස්තු මාසයේ අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව පවරනු ලැබුවා.
