‘දිනේෂ් හරිම හොඳයි මම මාරම ආසයි එයාට’ ආදිත්‍යා නිසා ශනුද්‍රි දිනේෂ් ආදරය දෙදරයි ද? (PHOTOS)
ගායන ලෝකයේ අතිශය ජනප්‍රිය වුන නවක ගායන ශිල්පිනියක් තමයි ආදිත්‍යා වැලිවත්ත කියන්නේ, සිරස නාලිකාවේ විකාශනය වුන The Voice Teens Sri Lanka ගායන තරඟාවලියේදී ඇය විසින් ගායනා කල ‘නෙමිලේ දුන් නිසා මගේ’ ගීතය නිසා තමයි ඇය වැඩිපුරම ජනප්‍රිය වුනේ.
සිරස The Voice Teens Sri Lanka වැඩසටහනට එන්න කලින් ඇය රංවල බලකායේ ජනගී අංශය නියෝජනය කරලා තිබ්බා ඒ වගේම අදිත්‍යාට ජනගී අංශයෙන් සම්මාන රැසක්ම ලැබිලා තියෙනවා,
කොහොම වුනත් කාලයක් ආදිත්‍යා පිලිබඳ විවිද කට කතා කිහිපයක්ම සමාජ ජාලාවල පැතිරුනා, ඒ ඇයගේ යැයි කියමින් ශෙයා වුන වැඩිහිටියන්ට පමණක් සීමාවුන වීඩියෝ පටයක්, කොහොම වුනත් පසුව හැමෝටම දැනගන්න ලැබුනා ඒ වීඩියෝ පටයේ ඉන්නේ ආදිත්‍යා නෙවෙයි කියලා, ඉතින් ඒ සිදුවීම පිලිබන්ඩ් ආදිත්‍යා කිව්වේ මේ වගේ කතාවක්,
”මෙහෙමයි මට විතරක් නෙවෙයි ලංකාවේ ජනප්‍රිය වෙන හැමෝටම වගේ මේ වගේ සිදුවීම් වලට මුහුණදෙන්න වෙලා තියෙනවා, හැබැයි මෙහෙම උනාම මට ලොකු අපහසු තාවයකට පත්වෙන්න වුනා, හැමෝම මගෙන් මේ ගැන අහන්න ගත්තා, ඉතින් ඒක මට ලොකු ප්‍රෂර් එකක්, මගේ හිත දන්නවා මම නිර්දෝෂී කියලා, ඒක බලපු අයත් දන්නවා
ඒ මම නෙවෙයි කියලා, පොඩ්ඩක් මම වගේ උනාට ඒ ඉන්නේ මම නෙවෙයි හැබැයි එයාලා ඒ වීඩියෝ එක ශෙයා කලේ මම කියලා, මම ඕනෑම දෙයක් දරාගන්න පුළුවන් කෙල්ලෙක් මේ ඒ ශක්තිය දුන්නේ මගේ අම්මා, ඉතින් මම ඒ දේවල් වලට වැටුනානම් අද මම මෙතන නෑ,” දැන් ආදිත්‍යා කියන්නේ ගොඩක්ම ජනප්‍රිය ගායිකාවක් ඉතින් ඇය වී FM නාලිකාවේ ‘දන්න දෙන්නෙක්’ වැඩසටහනකට එකතුවෙලා ඇයගේ ආසම ගායකයා පිලිබඳ කියනවා,
ඒ තමයි මේ දවසල හැමෝම හොයන ආදර කතාවේ ආදරවන්තයා, දිනේෂ් ගමගේ, ඉතින් ආදිත්‍යා දිනේෂ් පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම මාරම ආසයි දිනේෂ් අයියට, එයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්,
ඒ වගේම එයා වැඩ ගොඩක් කරලා තියෙනවා, ඒ වගේම මම එයාගේ දැනෙනා තුරුමා ගීතයට ගොඩක්ම ආසයි” කියලා, කොහොම වුනත් කාලෙකට කලින් ආදිත්‍යා කියපු මේ කතාව දැන් ගොඩක් වයිරල් වෙන්න පටන් අරගෙන, ඒ වගේම ශනුද්‍රිගේ සහ දිනේෂ් ගමගේ ආදරය ආදිත්‍යා නිසා දෙදරා යාවි කියලා මේ දෙන්නගේ රසිකයන් ගොඩක් බයෙන් ඉන්නේ කියලත් අපිට දැනගන්න ලැබුනා.










