ශලනි මට ආදරය කරන එකක් නැතිවෙයි.අපේ තියෙන්නේ වෙන සම්බන්ධයක්.ජනප්‍රිය නළු සචින් ලියනගේ. (PHOTOS)

sri lanka gossip Shalani Tharaka
By Sithumi Jan 17, 2022 05:22 PM GMT
Sithumi

Sithumi

Report

කලින් කලට කලා ලොවේ විවිධ ආරංචි පැතිරෙනවා. විවිධ කතාබහ ඇති වෙනවා. ඒ වගේ කතාබහක් අපට අසන්නට ලැබුණේ සචින් ලියනගේ ගැන. බොහොම ඉක්මනට කලා ක්ෂේත්‍රයට ආ තරු අතර නමක් දිනාගත් සචින් මේ දවස්වල නරඹන්නන් අතර ජනප්‍රිය චරිතයක්. 

ඒ ජනප්‍රිය බව නිසාම දෝ කොහෙද මේ දවස්වල ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ ඔහුත් එක්ක රංගනයේ යෙදන ශලනිත් එක්ක සචින්ගේ නම ඈඳිලා. ඒ ගැන ඔහු පුවත් පතකට මේ වොඉදිහට අදහස් පල කර තිබුනා. ඔයාට නිර්වාන් ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද? නිර්වාන් ගැන මට ගොඩක් දුකයි. එයාගේ හිතේ අනෙක් අය ගැන ලොකු ආදරයක් තියෙනවා. අම්මාට, තාත්තාට, මල්ලිට, දිගැසිට.

ඒ වගේම දැන් දැන් තේරෙන විදියට ස්නේහටත් පොඩි ආදරයක් එයාගේ හිතේ නැතිවම නොවෙයි. කොයි තරම් කරදර ආවත් වගකීම් ඉෂ්ට කරන හොඳ කෙනෙක් නිර්වාන් කියන්නේ.ස්නේහා නිර්වාන්ට ආදරය කරනවා.මම හිතන්නේ දැන් දැන් එයා ගොඩක් ආදරය කරනවා. ස්නේහා මේ දේවල් කරන්නේ අපේ ආදරය නිසා කියලා කියනව

ශලනි ඔබට ඇත්තටම ආදරය කළොත් ඔබ මොකද කරන්නේ?

නැහැ. මම හිතන්නේ නැහැ එයා මට ආදරය කරයි කියලා. මේ ක්ෂේත්‍රයේදි හමු වුණු අපි හොඳ යහළුවෝ. එයා මම විශ්වාස කරන ගොඩක් හොඳ කෙනෙක්. හැම දෙයම කියන්න පුළුවන්; නිහතමානීකම ගොඩක්ම තියෙන‍ කෙනෙක්. ඈ මගේ චරිතයට ගොඩක් උදව් කරනවා. අපි දෙන්නා අතර එහෙම දෙයක් ඇති වෙන එකක් නැහැ.ගොඩක් අය කියනවානේ ශලනියි, සචිනුයි පෙම්වතුන් කියලා.ප්‍රේක්ෂක ජනතාවට ඒ ගැන වැරැද්දක් කියන්න බැහැ.

ඔවුන් ස්නේහාව හා නිර්වාන්ව කැමරාවේ පිටතදිත් ඒ විදියටම බලාපොරොත්තු වෙනවා. එහෙම වුණාම අපි යහළුකමට ෆොටෝ එකක් දැම්මට පස්සේ ඒ අය එක එක විදියට හිතනවා. මේ දෙන්නා නයිස් කපල්; ගැළපෙනවා කියලා. යාළුකම ආදරයකට පෙරළෙන්න බැරිද? මම හිතන්නේ නැහැ. අපි දෙන්නාගේ තියෙන්නේ වෙනම සම්බන්ධයක්. අපි දෙන්නා යහළුවෝ. මම හිතන්නේ නැහැ එහෙම දෙයක් වේවි කියලා. මම හිතලත් නැහැ එහෙම දෙයක්

.ඈ නිහතමානියි. මම ආධුනික කෙනක් කියලා බලන්නේ නැතිව මට ගොඩක් උදව් කළා. අනෙක් අයටත් උදව් කරන කෙනෙක්. එයාගේ ලොකුකමක් නැහැ. හැම වෙලාවෙම සිනාවෙලා සතුටින් ඉන්න බලන්නේ. උස් පහත් නැතිව එයා මිනිස්සු ආශ්‍රය කරනවා.අපි දෙන්නා අතරේ එහෙම දෙයක් නැහැ.

භාර ගන්න දෙයක් කියන්න එපැයි. අනෙක මම එයාව රිජෙක්ට් කරන්න තරම් කෙනෙක් නොවෙයි. එයත් එහෙම ප්‍රොපෝස් කරන්න තරම් මම කෙනෙකුත් නොවෙයි. අපි දෙන්නා යාළුවෝ නිසා. එයා එහෙම කරයි කියලා මම හිතන්නේ නැ


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGallery