මම ඇඟ කෙට්ටු කාලෙට සුදු පාට අඳිනවා, මහත කාලෙට තද පාට අඳිනවා- ලංකාවම දන්න ජනප්‍රිය නිළි ශලනි තාරකා කොයපු වෙනස්ම කතාව (PHOTOS)

Shalanu tharaka shalani live shalani tharaka boyfriend
By Sithumi Feb 23, 2022 08:56 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කොයි කවුරුත් නම කියූ සැනින් දන්න හදුනන දක්ෂ ජනප්‍රිය වගේම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ඉතින් මේ රටක් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ විලාසිතා ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකටම ඇය රංගනයෙන් දායක වන නිසා ටිකක් විතර කාර්යබහුලයි කියලයි ඇය පවසන්නේ. ඉතින් ඇය හිතන්නේ ෆැෂන් කියන්නේ අපිව ලස්සනට තියන උපකාරී වන පැකේජ් එකක් කියලලු. ඒක ඇඳුම් වල විතරක්ම නෙමෙයි තියෙන්නේ, අපි කතා බහ කරන විදිහ, අඳින පළඳින විදිය, ඇවිදින විදිහ, බාහිර පාර්ශ්වයක් එක්ක ගනුදෙනු කරන විදිහ, කන බොන විදිහ, කොන්ඩ මොස්තර කරන විදිහ, මේ හැමදේම ෆැෂන් ඇතුලෙ තියෙනවා කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම ගැලපෙන විදිහට ෆැෂන් කලහම හිතට මහ අමුතු ගැමක් ආත්ම විශ්වාසයක් දැනෙනවාලු

. ඉතින් ඒ වගේම ඇය හරිම ආසයිලු පිළිවෙළට, පිරිසුදුව ගැළපෙන විදියට අඳින්න. ඒ හැරෙන්න ඉහළම වෙළඳ නාම යටතේ මුදලින් වැඩිම ඇඳුම් තෝරා ගන්නවා කියලා දෙයක් නම් ඇයගේ චොයිස් එක ඇතුලේ නැහැ කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම ඇය විලාසිතාවක් තෝරා ගනිද්දි යන තැන, යන වෙලාව ගැන ගොඩක්ම සැලකිලිමත් වෙනවලු. පන්සලකට මළ ගෙදරකට යන විදියට උත්සවයකට යන්න බැහැනේ කියලත් ඇය පවසනවා.

ඉතින් ඒ වගේම වයසත් එක්ක අපි විලාසිතා කරන විදිය වෙනස් වෙනවා කියලත් ඇය පවසනවා. ඇය පුංචි කාලෙදි කොණ්ඩ දෙකක් බැඳලා ලස්සන පුංචි පුංචි ඇඳුම් අදින්න ආසයිලු. නව යොවුන් වියට එනකොට අපි අපේ ලස්සන, අපේ ඇඟේ හැඩය, සමේ පාට ඉස්මතු වෙන විදිහට විලාසිතා කරන්න පුරුදු වෙනවාලු. ඉතින් ඒ වගේම වයස අවුරුදු තිහක් හතළිහක් වෙනකොට විලාසිතා කරනකොට අපි බොහෝ දේවල් ගැන හිතන්න පුරුදු වෙනවා කියලත් ඇය පවසනවා. සමහර වෙලාවට ඒ වයසේදී විවාහ වෙලා මවක්, බිඳක් විදිහට ඉන්නවා නම් අපි කරන විලාසිතා තවත් වෙනස් වෙනවා කියලයි ඇය නම් කියන්නේ.

විශේෂයෙන්ම ඇය හිතනවාලු වයසට නොගැලපෙන විදිහට විලාසිතා කළොත් වෙන්නේ අපි බාහිර පාර්ශවයේ හිනාවට ලක් වෙන එක කියලා. වයසට නොගැලපෙන විලාසිතා වලට මිනිස්සු හිනාවෙනවා කියලත් ඇය පවසනවා. උදාහරණයක් විදිහට පුංචි කාලේ කොන්ඩ දෙකක් බැඳලා ඉන්න කොට සූරතල් පෙනුමක් තිබුණත් ලොකු කෙනෙක් ඒ වගේ විලාසිතාවක් කළොත් සමහරවිට හිනාවට ලක් වෙන්න පුළුවන් කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම ඇය හැම පාටකටම කැමතියිලු.

නමුත් කහ පාට ඇඳුම් වලට ඇයගේ ඇඟේ පැහැය වැඩි කරලා පෙනනවා කියලා ඇයට හිතෙනවාලු. ඉතින් ඒ වගේම ඇය ඇග කෙට්ටු කාලෙට සුදු පාටට හුරු ඇඳුම් තෝරගන්නවාලු. කළුපාට ඇඳුම් වලට ඇග ටිකක් කෙට්ටුවට පේන නිසා, ඇඟ මහත කාලෙට තදපාට එහෙමත් නැත්නම් කළු පාට ඇඳුම් විලාසිතා වැඩිපුර තෝරා ගන්නවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම විලාසිතා කියන මාතෘකාව ඇතුළෙම තියෙන්නෙම අනුකරණය කියලයි ඇය කියන්නේ.

කවුරු හරි කරන විලාසිතාවක් දැකලා තමයි තවත් කෙනෙක් ඒවා තෝරා ගන්නේ. විශේෂයෙන්ම මෝස්තර නිරූපණය වැනි විෂයයක් ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේත් විලාසිතා ලෝකයට හඳුන්වා දීම නිසාලු. ඒ නිසා දකින විලාසිතාවක් තමන්ට ගැලපෙන විදිහට කරන එක වැරද්දක් නැහැ කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම පෞද්ගලික ජීවිතයේදී ඇය ඇයට ගැළපෙන විදිහට සරලව පහසුව අඳින්න පුළුවන් ඇඳුම් තෝරා ගන්නවාලු. රඟපෑම් කටයුතු වල දී නම් චරිතයට ගැළපෙන විදිහට විලාසිතා කෙරෙනවාලු. ඒ හැරෙන්න විලාසිතාවලින් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න කොයි වෙලාවක වත් ඇය උත්සාහ කරන්නෙ නැහැ කියලයි ඇය පවසන්නේ.

ඉතින් ඒ වගේම ශරීරයේ උස ශරීරයේ මහත, සමේ පාට, වයස වගේම සහභාගි වන තැන අනුවත් විලාසිතා තෝරා ගත යුතුයි කියලයි ඇය පවසන්නේ. එසේ නැතුව කවුරුත් කරපු පලියට විලාසිතා නොකළ යුතුයි කියලත් ඇය කියනවා. නිළියක් ඇඳන් හිටපු පලියට, පත්තරේක මැගසින් එකක තිබුණු පලියට, ඩමියක අදලා තිබුණු පලියට ගොඩක් වෙලාවට බොහෝ විලාසිතා අපිට ගැලපෙන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඒ නිසා මුදලක් වියදම් කරලා කරන විලාසිතාවක් ගැන දෙවරක් සිතිය යුතුයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha