අද සහ හෙට කාලගුණයෙන් රතු එළියක් - මේ ස්ථාන වල සිටින ජනතාවගේ විශේෂ අවදානයට
රට තුල සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් අද සහ හෙට යන දිනවලදී ද වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසා ඇත.
“මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඔ පළාත් ඒ් වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද දිනයේදීත් කඩින් කඩ වැසි අපේක්ෂා කිරිමේ හැකියාව තියෙනවා. දිවා කාලයේ තරමක වැසි අඩු තත්ත්වයක් පෙන්නුවත් රාත්‍රී කාලයේ සිට වැසි වැඩීවීමක් අපිට තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ් වගේම 23 සහ 24 දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් නැවත වතාවක් අපේක්ෂා කිරීමේ හැකියාව දැනට පවතින දත්ත මත පදනම්ව පවතිනවා. මේ නිසා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව ,මධ්‍යම, වයඔ, පළාත්වලත් ඒ් වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න විශේෂයෙන් ගංගා නිම්න ආශ්‍රිතව පහත්බිම්වල ජීවත්වන ජනතාව ඒ් වගේම නායයැම් අනතුරු සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න”