ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් සහ අමෙරිකානු WTI බොර තෙල් මිල ගණන්හි පැහැදිලි පහළ යාමක් වාර්තා වේ.
සතියකට පමණ පෙර අමෙරිකානු ඩොලර් 110කට ආසන්නව පැවති බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ ඇති අතර, එය ඩොලර් 99ටත් අඩු අගයකට ගනුදෙනු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට සමගාමීව, සතියකට පෙර ඩොලර් 105 ඉක්මවා තිබූ අමෙරිකානු WTI බොර තෙල් බැරලයක මිල ද සැලකිය යුතු ලෙස පහත වැටී මේ වනවිට ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබේ.