තවදුරටත් කාලගුණය බිහිසුණු වේ - බෙංගාල බොක්කේ පීඩන අවපාතය තවත් දරුණු අතට
දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටා ඇති පීඩන අවපාතය ඉදිරි පැය 12 ඇතුළත ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.
සුළු මොහොතකට පෙර පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට - වරදකරුවන් 15 දෙනාට දුන් දඬුවම මෙන්න
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතී.
උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඊට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද සහ වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වන තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.