රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නමල් අද අධිකරණයට
ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව ඔහු මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතා නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කර ඇත.