කාලගුණයෙන් ලංකාවට රතු නිවේදන - මේ ප්‍රදේශ වලින් වහාම ඉවත් වෙන්න - විශේෂ දැනුම්දීමක්

Report

තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉදිරි පැය 12 සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය ඊයේ (22) රාත්‍රී 10ට නිකුත් කර ඇති අතර, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා එය අදාළ වේ.ඒ අනුව මෙම නිවේදනය අද (23) උදෑසන 10 දක්වා වලංගු වේ.

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පැය 8කට ජල කප්පාදුවක් - හෙට උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා - මහජනතාවට විශේෂ නිවේදනයක්

පැය 8කට ජල කප්පාදුවක් - හෙට උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා - මහජනතාවට විශේෂ නිවේදනයක්

අදාළ මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකිය.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට අනතුරු අඟවා තිබේ. තවද, උතුරු අක්ෂාංශ 07ත් 22ත් අතර සහ නැගෙනහිර දේශාංශ 83ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී තිබේ.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා ඇත්නම්, වහාම එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.

සුළු මොහොතකට පෙර පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට - වරදකරුවන් 15 දෙනාට දුන් දඬුවම මෙන්න

සුළු මොහොතකට පෙර පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට - වරදකරුවන් 15 දෙනාට දුන් දඬුවම මෙන්න