සුළු මොහොතකට පෙර පාස්කු ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට - වරදකරුවන් 15 දෙනාට දුන් දඬුවම මෙන්න

Report

සුළු මොහොතකට පෙර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට වසර 220ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම පැනවීමට නියෝග කර ඇත.

මෙම නියෝගය, පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමි කරමින් සහ තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුවට ප්‍රකාරව දඬුවම් නියම කිරීම ප්‍රකාශයට පත්කරමිනි.

එමෙන්ම විත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තක කරන ලෙසද අධිකරණයෙන් නියම කළ අතර විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසද අධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 9 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

සුළු මොහොතකට පෙර ලංකාවම මඟ බලපු නඩු තීන්දුව ප්‍රකාශයට - පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ අධිකරණ තීන්දුව මෙන්න

සුළු මොහොතකට පෙර ලංකාවම මඟ බලපු නඩු තීන්දුව ප්‍රකාශයට - පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ අධිකරණ තීන්දුව මෙන්න