ලෝක ප්‍රසිද්ධ ගායිකා ශකීරාට වල්ඌරු ප්‍රහාරයක් (VIDEO)

Srilanka wild pig shakeera
By Sithumi Oct 01, 2021 03:49 PM GMT
Sithumi

Sithumi

Report

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ උද්‍යානයකදී වල් ඌරන් රංචුවක් පැමිණ තම අත් බෑගය උදුරාගෙන පහරදීමක් සිදු කළැයි සංගීත ලෝකයේ තාරකාවක වන පොප් ගායිකා ෂකිරා දන්වා තිබේ. 

44 හැවිරිදි ලෙබනන් සම්භවය ඇති කොලොම්බියානු ගායිකාවක වන ෂකිරා ඇගේ අට හැවිරිදි පුතු මිලාන් සමඟ උද්‍යානයේ ඇවිද යමින් සිටියදී මෙම පහර දීම සිදුව ඇත. 

වල් ඌරන් ඇගේ බෑගය රැගෙන ගොස් එහි තිබූ තම අයිෆොන් වර්ගයේ ජංගම දුරකථනය ඇතුළු සියල්ල විනාශ කළ බවද ඇය කියා තිබේ. ෂකිරාගේ මුහුණ නොපෙන්වන ඇගේ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ පළ කර ඇති දර්ශන වල, ගායිකාව සතුන් විනාශ කළා යයි කියන සිය බෑගයක් පෙන්වූවාය.

බලන්න උද්‍යානයේදී මට පහර දුන් වල් ඌරන් දෙදෙනෙක් මගේ බෑගය පැහැරගෙන යන ආකාරය... උන් මගේ බෑගය කැලෑවට ගෙන ගියේ මගේ ජංගම දුරකථනයද සමඟයි. ඔවුන් සියල්ල විනාශ කළා. '

වැඩි වැඩියෙන් ආහාර ලබා ගැනීම සඳහා නගර සහ නගර උද්‍යාන වෙත වල් ඌරන් පැමිණීම ස්පාඤ්ඤයේ සුලබ දර්ශනයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now