අවුරුදු 15 දැරියකට ලිංගික හිංසනය කළ 18ක් මාට්ටුයි(VIDEO)...තවත් 20ක් නිදැල්ලේ.
වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික ශ්‍රමිකයෙක් ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ගල්කිස්ස පොලිසිය ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර ආදාල දැරියගේ මව සහ චීවර ධාරියෙකු ද සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
You may like this video
විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මාස තුනක පමණ කාලයක සිට අදාල දැරිය මෙලෙස අලෙවිකර ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.
මීට අමතරව දැරිය අලෙවි කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමට වෙළඳ දැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් දසදහසේ සිට රුපියල් තිස්දහස අතර මිල ගණන් වලට දැරිය විවිධ පුද්ගලයින්ට අලෙවිකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
දැරියගෙන් කළ විමසීමකදී ඇයව ලිංගිකව අපයෝජනයට පත්කළ තවත් පුද්ගලයින් විසිදෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින්ගෙන් 16 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ අතර දවසේ වැඩිදුර තොරතුරු දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
