13 හැවිරිදි තම පුතාව අපයෝජනයට ලක් කළ පාපතර පියෙක්..

Sri Lanka Police Sri Lanka Sexual harassment
By krishani May 10, 2023 11:00 AM GMT
krishani

krishani

Report

දහතුන් හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කළ එම දරුවාගේ පියා අහුංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.

ඒ පෙරේදා (08) දින රාත්‍රියේ ඔහු අධික ලෙස බීමත්ව නිවෙසට පැමිණ නිවසේ නිදා සිටි තම දරුවා අපයෝජනයට ලක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම දරුවා සිය පියා නින්දට ගිය මොහොතේ නිවසින් එළියට පැමිණ විදෙස්ගතව සිටින තම මවට දුරකථන ඇමතුමක් ලබා දී සිදුවීම කියා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ දරුවාගේ මව ඇයගේ සොයුරියට විස්තර පවසා දරුවා ඇය භාරයට ගැනීමට කටයුතු සලස්වා ඇත.

කෙසේවෙතත්, පෙරේදා (08) අහුන්ගල්ල පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර ඇති අතර සැකකරුව අහුන්ගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, දරුවා අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join