පෙර පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ පෙදරේරුවෙකුට වැඩ වැරදෙයි.

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Jul 16, 2023 10:00 AM GMT
krishani

krishani

Report

පෙදරේරු රැකියාවේ නිරත පුද්ගලයෙක් විසින් පෙර පාසල් දැරියක අපයෝජනයට ලක්කල පුද්ගලයෙක්ට ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (15) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

එලෙස අපයෝජනයට ලක් වූ දැරියගේ මව රැකියාවක් සිදුකරන බැවින් දිවා කාලයේ පෙර පාසල් නිම වූ පසුව අසල්වැසි නිවසක දැරියව නතර කර ඇත.

එහිදී දරුවා බලා ගන්නා කාන්තාවගේ සැමියා දැරියව නිවසට ඇරලවීම සඳහා යන මොහොතේ දැරිය අපයෝජනයට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, හතර හැවිරිදි පෙර පාසල් දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇති බව ගොකරැල්ල පොලිසිය සඳහන් කළේ ය.