තරුණියන් රවටා නිරුවත් ඡායාරූප ලබාගෙන බිය ගන්වා මුදල් ගසා කෑ අමුතු වංචාව - තරුණියන් රැසකගේ නිරුවත් ඡායාරූප දුරකථනයේ..

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Jun 26, 2023 06:44 AM GMT
krishani

krishani

Report

තරුණියන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඔවුන්ව බිය ගන්වා මුදල් ලබාගත් පුද්ගලයෙකුව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මුහුණුපොත ඔස්සේ තරුණියන් හඳුනාගනිමින් එම සැකකරු ඔවුන් සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගෙන ඉන් අනතුරුව ඔහු එම තරුණියන් හොටල් කාමර වෙත රැගෙන ගොස් තිබෙනවා.

පසුව නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

ඔවුන්ගේ එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙන්වමින් බියගන්වා තර්ජනය කර ඇති අතර මුදල් ලබා නොදුන්නහොත් එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ මුදාහරින බවට පවසමින් මුදල් ලබාගෙන තිබෙනවා.

මේ ආකාරයටම අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකගෙන් මුදල් ලබා ගෙන ඇති අතර ඒ  රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් ය.

ඇය මේ සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය වෙත පැමිණිලක් කර ඇති අතර ඒ අනුව අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

26 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල ප්‍රදේශයේම පදිංචි අවිවාහක පුද්ලයෙක් වන අතර ඔහුගේ ජංගම දුරකථනයේ තරුණියන් රැසකගේ නිරුවත් ඡායාරූප තිබී ඇත.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.