12 වියේ පසුවන පිරිමි දරුවෙකු අපයෝජනය කළැයි නගරාධිපතිගේ සහෝදරයාට ලැබුණ අධිකරණ නියෝගය..
බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයාගේ සහෝදරයා ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇත.
ඒ අද (30) දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ (29) සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිසියට භාරවීමෙන් පසුව ය.
ඒ අවුරුදු 12ක බාලවයස්කාර පිරිමි දරුවෙකුට අපයෝජනයක් සිදුකළ බවට චෝදනා පිට ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව ය.
අදාළ සැකකරු දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලකවරයෙකු ලෙස ද කටයුතු කරන්නෙක් වේ.
කෙසේවෙතත්, ළමා ආරක්ෂක අධිකාරියේ දැනුම්දීම පරිදි දඹුල්ල පොලීසිය පසුගිය දින කිහිපයේ අවස්ථා ගණනාවක සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිවසට සහ වැඩ පරිශ්‍රයට ගොස් තිබුණ ද ඔහු ප්‍රදේශයෙන් පළාගොස් සැඟ වී සිටි බව පොලීසිය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |