75 හැවිරිදි අපහසුතාවයෙන් පෙළෙන වයෝවෘද්ධ මාතාවකට පුද්ගලයෙක් ලිංගික අතවර කිරිමට තැත් කරලා..

Sri Lanka Police Sri Lanka Sexual harassment
By krishani May 10, 2023 12:05 PM GMT
krishani

krishani

Report

අවුරුදු 75 ක වයෝවෘද්ධ මාතාවකට බීමත් පුද්ගලයෙක් විසින් ලිංගික අතවරයක් කිරීමට තැත්කල පුවතක් කන්දකැටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම කාන්තාව ඊයේ (09) රාත්‍රියේ මීගහකිවුල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

එම සිද්ධීයට සම්බන්ධ 51 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ අතර, එම සිද්ධීයට සම්බන්ධ සැකකරු අධීක ලෙස බීමත්ව පැමිණ කතා කිරීමේ පවා අපහසුතාවකින් පෙළෙන මෙම වයෝවෘද්ධ මාතාවට හිරිහැර කිරීමට උත්සාහ දරා තිබෙනවා.

එම සිදුවීම අසල්වාසී පිරිසක් එය දැක ඇති අතර ඉන්පසුව සැකකරු මෙම මාතාව අත්හැර දමා පලා ගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කන්දකැටිය පොලීසිය විසින් පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join