"කාලගුණයෙන් අද හදිසි ඇම්බර් අනතුරු ඇඟවීමක් - පළාත් 6කට සහ දිස්ත්‍රික්ක 3කට ප්‍රබල අකුණු අවදානමක්

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු පිළිබඳ ‘ඇම්බර්’ (Amber) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (10) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම අනතුරු ඇඟවීම හෙට (11) අලුයම 1.00 දක්වා බලපැවැත්වෙනු ඇත.

ඒ අනුව, අදාළ පළාත් සහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව ප්‍රදේශීය වශයෙන් තද සුළං ද ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු සහ දේපළ හානි අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

Gallery