මේ සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවයි.. ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් තීරණයක්

Report

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොළ ආශ්‍රිතව මෑතකදී සිදු වූ ආරක්ෂක සිදුවීම සහ පවතින ආරක්ෂක හා මෙහෙයුම් තත්ත්වයන් ඇගයීම සැලකිල්ලට ගනිමින්, රියාද් වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කර ඇත්තේ, අදාළ ආරක්ෂක සිදුවීම සහ පවතින තත්ත්වයන් පිළිබඳ ඇගයීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. 

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

එම සමාගම ඊයේ (09) දින නිවේදනය කළේ හෙට (11) දිනය දක්වා රියාද් නුවර වෙත සිදු කරන සියලුම ගුවන් ගමන් නවතා දමන බවයි.

එහෙත් අද (10) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, එම කාලය ලබන 18 වනදා දක්වා තව දුරටත් දීර්ඝ කර ඇති බව සඳහන්.

රියාද් ගුවන් තොටුපළට බලපෑ මෑතකාලීන ආරක්ෂක සිදුවීම සහ දැනට සිදු කෙරෙමින් පවතින ආරක්ෂක මෙහෙයුම් ඇගයීම් සැලකිල්ලට ගනිමින් මෙසේ සෞදි අරාබියේ රියාද් වෙත සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව නවතා දැම්මටයි කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට 1979 හෝ 011 777 1979 / WhatsApp 074 444 1979 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන ලෙසයි ගුවන් මගින්ට එම ආයතනය දැනුම් දී ඇති බව සඳහන්.

නැතහොත් ඔබේ සංචාරක නියෝජිතයා හරහා හෝ www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරැ දැන ගැනීමේ හැකියාව පවතින බව සඳහන්.

හෙට පාන්දර 1 වෙනකල් සූදානමින් සිටින්න විශේෂ නිවේදනයක් - රටම නොසන්සුන් කරමින් මුහුද කැළඹෙයි

හෙට පාන්දර 1 වෙනකල් සූදානමින් සිටින්න විශේෂ නිවේදනයක් - රටම නොසන්සුන් කරමින් මුහුද කැළඹෙයි

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”