කොළඹ වරාය නගරයේ ගැටුමක් දුරදිග යයි - තියුණු ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

Report

කොළඹ වරාය නගරයේ කම්කරු නේවාසිකාගාරය අසලදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව ද පොලිසිය පැවසීය.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 26ක සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ වරාය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

සෞදියේ මරණ දඬුවමට මුහුණ දී සිටින අනෝජන් බලන්න ශ්‍රී ලංකා තානාපති යයි - ඉදිරියේදී අනෝජන්ගේ ඉරණම කුමක් වෙයිද?

සෞදියේ මරණ දඬුවමට මුහුණ දී සිටින අනෝජන් බලන්න ශ්‍රී ලංකා තානාපති යයි - ඉදිරියේදී අනෝජන්ගේ ඉරණම කුමක් වෙයිද?

මහරගම අපේක්ෂා රෝහලට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ මැදිහත්වීමක් - රෝගීන්ට සැනසිලිදායක ආරංචියක්

මහරගම අපේක්ෂා රෝහලට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ මැදිහත්වීමක් - රෝගීන්ට සැනසිලිදායක ආරංචියක්