දිවයින පුරා පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණයෙන් විශේෂ දැනුම්දීමක්
By Mithu
දිවයින පුරා පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ නායයෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
හදිසි තත්ත්වයක් - රට තුළ ගංවතුර තත්ත්වයක් - ජනතාවට හා රියදුරන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මේ පිළිබඳව අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ගස් හෝ විදුලි කණු ඇලවීම, පොළොවේ ඉරිතැලීම් ඇතිවීම, හදිසියේ මඩ සහිත දිය උල්පත් මතුවීම හෝ පවතින උල්පත් සිඳීයාම වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ දක්නට ලැබේ නම් වහාම අදාළ ආරක්ෂිත ස්ථාන වෙත තාවකාලිකව ඉවත්වන ලෙසයි.