වෙසක් උත්සවයට ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම වැසේ. - එම ස්ථාන මෙන්න.

Vesak Full Moon Poya Government Of Sri Lanka Businessman
By Wayomi Apr 03, 2024 05:15 AM GMT
Wayomi

Wayomi

Report

2024 මැයි 21 වන දා සිට 27 වන දා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, අනුව රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට හා මැයි මස 22, 23, හා 24 යන දිනයන්හි සත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්ථාන සහ සුරාසල් වසා තැබීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච’ (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාවෙන් යුතුව මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහි සමාරම්භක උළෙල සහ සමාප්ති උළෙල පිළිවෙලින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී සහ පල්ලෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. 

ReeCha