රට පුරාම දරුණු මාරක අනතුරු රැසක්, පාසල් සිසුවියක් ඇතුළු 04ක් ජීවිතක්ෂයට

Report

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලීසිය ප්‍රකාශ කළේ තිස්සමහරාමය, වෙන්නප්පුව, මීරිගම සහ කල්පිටිය පොලිස් වසම්වලින් ඊයේ (23) දින මෙම අනතුරු වාර්තා වී ඇති බවයි.

මීරිගම පොලිස් වසමේ පස්යාල ගිරිඋල්ල මාර්ගයේ ඩී.එස්. හන්දිය අසලදී යතුරුපැදියක් දකුණුපසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ප්‍රයිමුවර් රථයේ ගැටී යතුරුපැදියේ පසු පැදිකාරිය ප්‍රයිමුවර් රථයට යටවීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

එහිදී යතුරුපැදියේ පසු පැදිකාරිය බරපතළ තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවා.

අනතුරින් එලෙස මියගොස් ඇත්තේ, නවගමුව, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් බව සඳහන්. එසේම තිස්සමහරාමය පොලිස් වසමේ පන්නේගමුව දියබැදිය අතුරු මාර්ගයේ පන්නේගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී සිදූ වූ අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා තිස්සමහරාමය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වුණා.

ඔහු පන්නේගමුව, වීරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක් බව සඳහන්.

තවද මේ අතර වෙන්නප්පුව පොලිස් වසමේ කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්මලදෙණිය ප්‍රදේශයේදී තල්ලු කරගෙන පැමිණි යතුරුපැදියක් යළි පණගැන්වීමට යාමේදී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි දර පැටවූ ලොරි රථයක ගැටී එම ලොරි රථයට යටවීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළා.

එසේ මියගොස් ඇත්තේ, නැගෙනහිර දුම්මලදෙණිය, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙක් බව කියයි.

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

මිනීමරු මවක් තමන් බිහිකරපු මල්කැකුළු දෙක මරලා සූට්කෙස් එකක හංගලා

එමෙන්ම කල්පිටිය - පාලවිය මාර්ගයේ සොත්තුපිටිවාඩිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පාපැදිකරු බරපතළ තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කිරීමෙන් අනතුරුව පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ, පාලකුඩාව, තලවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්

මිල මුදල් උතුරන වස්තු සැප සම්පත් ලැබෙන මේ ලග්නවලට අද නොහිතන වාසි ගොඩක්