තවත් නිෂ්පාදන 07ක් තහනම් කරයි..? – එම නිෂ්පාදන සියල්ල මෙන්න

plastic grocery kitchen equipment factory product decoration tems
By Sewvandhi Aug 29, 2021 06:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වරක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 07ක් පාලනයට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට (30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමට යෝජිතයි. .

ඒ යටතේ පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට හා කළතනයන් , ප්ලාස්ටික්වලින් නිර්මිත හැඳි, බීමකෝප්ප, පිහි, ගෑරුප්පු , ප්ලාස්ටික් ඉඳි ආප්ප සකසන වට්ටි, ප්ලාස්ටික්වලින් නිර්මිත කෘතීම තෘණ ඇතිරිළි (ගෘහස්ථ ක්‍රීඩාගාර සඳහා භාවිතා කිරීම හැර) , ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිර්මිත මල්මාලා, කර්මාන්ත සඳහා හඳුන්කූරු පහන්තිර ඇසුරුම් සඳහා ප්ලාස්ටික් හා පොලිතීන් යොදාගැනීම, ඇතුළත දිග අගල් 12,ක් හා පළල අඟල් 10ක් වන ප්ලාස්ටික් හා පොලිතීන් වලින් නිර්මිත ග්‍රොසරි බෑග් හා සිලි සිලි මළු මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව යටතේ තහනම් කිරීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ පිළිබඳව සම්පුර්ණ තොරතුරු පහතින් දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery