ශෂීන්ද්‍රට වන්දි ගන්න හොරෙන් ගේමක් ගහපු මහවැලියේ ලොක්කෙක් අල්ලස් දැලේ

Report

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බණ්ඩාර කොටගම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසම සඳහන් කරන පරිදි, 2022 මැයි 9 දින ඇති වූ ජනතා අරගලයේදී මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ සම්බන්ධ වන්දි ලබා ගැනීමට සහාය සැලසීමට සැකකරු කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇත.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

ඒ අනුව සැකකරු තමන් යටතේ සේවය කරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව කලාපයේ නේවාසික කළමණාකරු සහ නිලධාරීන්ට බලපෑම් කරමින්, මනෝජ් හේමලාල් ඒකනායක නමින් බලපත්‍රයක් සකස් කර ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂට වන්දි මුදල් ලබා දීමට ආධාර කළ බව අල්ලස් කොමිසම පවසයි.

ඒ අනුව, සැකකරු 1992 අංක 12 දරණ පොදු දේපල පනතේ 5(1) සහ 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 133, 135 සහ 111 වගන්තීන් යටතේ වරදක් සිදු කර තිබේ. එබැවින් සැකකරු ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අල්ලස් කොමිසම දැනුම්දී තිබේ.

භයානක ලෙඩක් පැතිරෙයි - ආපදා කදවුරු වල ජනතාව ප්‍රවේශමෙන්

භයානක ලෙඩක් පැතිරෙයි - ආපදා කදවුරු වල ජනතාව ප්‍රවේශමෙන්