අස්වැසුම වැඩිහිටි දීමනාව ගෙවීමට සියලු කටයුතු ලෑස්තියි - සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්

Report

2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 01 වැනිදා අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කර තිබේ.

ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,083.755ක මුදලක් වෙන් කර තිබේ.

දෙවැනි අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 395.315කි.

ඒ අනුව, අදියර දෙක යටතේ වැඩිහිටියන් 695,818 දෙනෙකු සඳහා ගෙවීමට නියමිත සමස්ත මුදල රුපියල් මිලියන 3,479.07ක් වේ.

අදාළ ප්‍රතිලාභීන්ට ඔක්තෝබර් 01 වැනිදා සිට සිය වැඩිහිටි දීමනාව අස්වැසුම බැංකු ගිණුම් හරහා ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

පළාත් රැසකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සහ අකුණු අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

පළාත් රැසකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සහ අකුණු අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්