"එයත් එක්ක ගත්ත අන්තිම පින්තූරෙ කියලා දන්නවනම් ගොඩක් දේවල් වෙනස් කරන්න තිබුණා” – සෙනාලි ෆොන්සේකා" (PHOTOS)

Gossip Today Sri Lankan Actress
By Sithumi Jun 23, 2022 05:18 PM GMT
Sithumi

Sithumi

Report

“. සෙනාලි ෆොන්සේකා කියන්නෙ අපේ රටේ සිටින ඉතාමත් නිහතමානී මෙන්ම ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්

.මෙය පළමුව කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ සිනමාව හරහා වුවත් මේ වන විට ඇය වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ටෙලි තිරය හරහායි.ඇය නිරන්තරයෙන් රංගනයෙන් දායක වන්නේ සරල අහිංසක ගැමි තරුණියකගේ චරිතයන් වන අතර සැබෑ ජීවිතයේදීත් ඇය ඉතාමත් අහිංසක මෙන්ම චාම් තරුණියක් වෙනවා.

රංගනයට වගේම නිවේදනයටත් එකසේ දස්කමක් දක්වන ඇය නිවේදන කටයුතු ද සිදු කෙරෙමින් පවතිනවා.කෙසේ නමුත් ඇයට මේ වන විට වඩාත් ඉහලම ප්‍රතිචාරයන් ලැබී තිබෙන්නේ නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයෙ සුදු චූටි කියන චරිතයටයි. ඉතාමත් හොඳ කලා පවුලකින් පැවත ගෙන එන ඇයගේ නැන්දණිය තමයි හෙළ සිනමා නිළි රැජන වන මාලනී ෆොන්සේකා මහත්මිය

.ඒ වගේම ඥාතී සොයුරියන් වන සමනලී ෆොන්සේකා, නිලුක්ෂි ප්‍රනාන්දු යනු ඉහළම දස්කම් දක්වන රංගන ශිල්පිනියන්. කෙසේ නමුත් ඇය මේ වන විට මෙරට ප්‍රවීණයින්ගේ ලැයිස්තුවට පවා එක් වීමට වාසනාවන්ත වී ඇති අතර තම පවුල් ආභාෂය මෙන්ම තම අත්දැකීම් ද ඊට හේතු වන්නට ඇති.කොහොම නමුත් මේ අපූරු සුන්දර රංගන ශිල්පිනිය කිහිප වතාවකදීම සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට පවා වාසනාවන්ත වෙලා සිටිනවා.

ඇය දැන් ලංකාවට වෙලා රංගන කටයුතුවල නිරත වුණත් පසුගිය කාලය පුරාවටම තම අධ්‍යාපන කටයුතු වලට විදේශ ගත වෙලයි හිටියේ. ඇය එරට ජීවත් වුණේ ඇයගේ ආදරණීය පියාණන් සමඟයි.මීට වසර දෙක තුනකට පමණ පෙර ලංකාවට පැමිණ රංගන කටයුතු නිසා කාර්ය බහුල කාර්යබහුල වෙලා සිටියා.ඇයගේ ආදරණීය පියාණන් ගැන කතා කළොත් ඔහු දැන් ජීවතුන් අතර නැහැ.

2020 වසරේ දී මුළු ලෝකයක් පුරා ව්‍යාප්ත වුණ වසංගත තත්වය හේතුවෙන් විදේශගත වෙලා හිටපු ඇයගේ ආදරණීය පියාණන් මේ දරුණු වසංගත තත්ත්වයට ගොදුරු වෙලා තියෙනවා.ඉතින් ඉතාමත් අවාසනාවන්ත ආකාරයෙන් ඇයගේ පියාණන් මේ අසනීප තත්වය හේතුවෙන් ජීවිතයෙන් සමු අරගෙන තියෙනවා.මේ වන විට senali ශ්‍රී ලංකාවේ හිටපු නිසා විදෙස් ගත වෙලා හිටපු තමන්ගේ ආදරණීය තාත්ත ළඟට වෙලා ඉන්නට බැරි වෙලා තියෙනවා 

.රෝහලේදී අවසාන වතාවට තමන්ගේ පියාණන්ට ඇමතුමක් අරගෙන තිබුනත් ඇයට පියාණන් සමඟ කතාබහ කරන්නට පවා අවස්ථාවක් හිමි වෙලා තිබිලා නැහැ.ඉතින් මේ තරම් දුකක් දියණියකට තවත් තිබේද. මෙහෙ දුක වේදනාවත් සමඟ ඇය බොහෝ කාලයක් පුරාවට හිතින් ගොඩක් දුක් විඳලයි තියෙන්නෙ. ජුනි 19 දා යෙදිලා තිබුණු ලෝක පියවරුන්ගේ දිනයේදී සෙනාලි ෆොන්සේකාට තමන්ගේ ආදරණීය පියාණන් ව සිහිවෙලා ඉතාමත් සංවේදී ආදරණීය සටහනක් ඡායාරූපයක් ද සමගින් කර තිබෙනවා දැකගන්නට පුළුවන්.ඉතින් ඒ සටහන තිබුනේ මෙලෙසිනි.

” තාත්තා එක්ක ගත්ත අන්තිම පින්තූරෙ! එදා දැනං හිටියා නම් මේ අපි ගන්න අන්තිම පින්තූරේ කියලා ගොඩක් දේවල් වෙනස් කරන්න තිබුණා.කමක් නෑ තාත්තේ මං දුක් වෙන්නේ නෑ.මං කඳුළු හලනවා ට වඩා හිනාවෙලා ඔයාව මතක් කරන්නම්.මං ආඩම්බර වෙන්නම් ඔයා වගේ හොඳ මනුස්සයෙක් මගේ තාත්තා වුන එකට.

බොහොම ස්තූතියි තාත්තෙ! Happy father’s day “

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery