ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ කරපු වැඩක් මාට්ටු වෙයි..දීපු දඬුවම මෙන්න.

Police Sri Lanka Actress High court Semini iddamalgoda
By Aruna Dec 17, 2021 05:20 AM GMT
Aruna

Aruna

Report

බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාමේ චෝදනාවකට වරද පිළිගත් ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පී. ඩී. පෙරේරා මහතා නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළව පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසිනි.

නඩුව අධිකරණය හමුවේ විභාග වන අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසීටීම මත සැකකාර සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට ඉකුත් නඩු දිනයේදී වරෙන්තු නිකුත් වී තිබීණී.

ඒ අනුව අද (16) අධිකරණය හමුවේ පෙනී සිටි ඉද්දමල්ගොඩ මහත්මියගේ වරෙන්තු ආපසු කැදවීමට අධිකරණය තීරණය කළේය.

මෙම වරද සම්බන්ධයෙන් වූ චෝදනා පත්‍රය ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු වැඩබලන අධිකරණ භාෂා පරිවර්තක චින්තක උහනෝවිට මහතා විත්තිකාරියට චෝදනා පත්‍රය කියවා දීමෙන් පසු එම චෝදනාවට තමන් වැරදිකරු බවට ඇය අධිකරණය හමුවේ පිළිගත්තාය.

ඒ අනුව, අදාළ චෝදනාවට වරද පිළිගත් චූදිතට රුපියල් 15,000ක දඩයක් නියම කිරීමට අධිකරණය තීරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now 


GalleryGalleryGalleryGallery
ReeCha