"තෝරාගත් ඩිපෝ 25ක් ජාතික තලයේ ඩිපෝවන් බවට පත් කරනවා"

By Kaushi Apr 30, 2025 11:06 AM GMT
Report

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කර ජාතික තලයේ ආදර්ශ ඩිපෝවන් බවට පත් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ඊයේ (29) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එහිදී අරමුණ සඳහන් කළා.

50%කින් ගාස්තු වැඩි කරන්න ඉල්ලීමක්...

50%කින් ගාස්තු වැඩි කරන්න ඉල්ලීමක්...

ඒ අතර ඩිපෝ සංවර්ධනය කර මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම හා ඉහළ ආදායමක් ඉපැයීම මගින් ලාභදායී ආයතන බවට ඩිපෝවන් පත්කිරීම සඳහන්.

ඔහු ප්‍රකාශ කළේ මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වන්නේ ඩිපෝව හරහා සිදුවන ක්‍රියාවලිය, එහි ආදායම් වැඩිකිරීම, වියදම් කළමනාකරණය සහ වෙනත් ආදායම් උත්පාදනය කර ගැනීමට ඇති අවස්ථා සොයා බලා, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට මූලික වීම බවයි.

මැර කල්ලියක් කඩු සමඟ අත්අඩංගුවට

මැර කල්ලියක් කඩු සමඟ අත්අඩංගුවට

පානදුර බස් ඩිපෝව ක්‍රමානුකූලව සංවර්ධිත ඩිපෝවක් ලෙස පරිවර්තනය කරමින්, සමාජීය ප්‍රවාහන අවශ්‍යතාවයේ සාධනීය කොටස්කරුවන් බවට පත්කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකෙරෙන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ තවදුරටත් ප්‍රකාශ කර සිටියා.