50%කින් ගාස්තු වැඩි කරන්න ඉල්ලීමක්...

Report

විදුලි ගාස්තුව එළැඹෙන ජූලි මාසයේ සිට සියයට පනහකින් පමණ ඉහළද ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර තිබේ.

එම යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන ලද බව එම කොමිසමේ නිලධාරියෙක් පැවසීය. ජනාධිපතිවරයාද සහභාගි වූ මෙම විශේෂ හමුවකදී ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මෙම යෝජනාව ඉදිරිපත් කර නමුත් ජනාධිපතිවරයාද ඊට කැමැත්තක් නොදැක්වූ බවද හෙතෙම පැවසුවේය.

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

බිරිද එක්ක තරහා වෙලා දියණියගේ බෙල්ල කපපු නරුම පියා

විදුලිබල මණ්ඩලය පෙන්වා දී ඇත්තේ විදුලි ගාස්තු ඉහළ නොදැමුවහොත් මණ්ඩලය මුල්‍යමය වශයෙන් අස්ථාවර වනු ඇති බවයි. එමෙන්ම විදුලි ගාස්තු ඉහළ දමන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල්ද නිර්දේශ කර ඇති බවද මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දී ඇත.

සජබේ මැයි රැළිය හෙට තලවාකැලේ දී

සජබේ මැයි රැළිය හෙට තලවාකැලේ දී

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම පවසා ඇත්තේ දැනට පවතින මට්ටමේ විදුලි ගාස්තු පවත්වා ගැනීමෙන් මුල්‍ය අස්ථාවරත්වයක් ඇති නොවන බවය. මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය සිව්වෙනි ණය වාරිකය මුදා හැරීමට පෙර දැනුම්දී ඇත්තේ විදුලි පිරිවැය නිරූපිත ගාස්තුවක් ප්‍රකාශයට පත් කළ යුතු බවය.