පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කන්ටේනරයක් අල්ලයි(PHOTOS)

POTATO SEIZED DAMUBULLA SINHALA NEWS
By Gagana Nov 17, 2021 02:58 AM GMT
Gagana

Gagana

Report

මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී සොයාගත් බව දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය කියයි.

ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව කියන මෙම අර්තාපල් අල ගබඩාවට බා කාන්තාවන් යොදා පැළ වී ඇති අර්තාපල්වල රිකිලි කඩා දමා නෑ නැවත වෙළෙඳ පොළට යැවීමට සකස්මින් තිබිය දී සොයාගෙන ඇත.

එහි අල කන්ටේනර් රථයේ කිලෝ 40,000 අධික ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා සියල්ල කන්ටේනර් රථය තුළ ම බෙහෙවින් නරක් වී පැළ වී ඕජස් ගලන මට්ටමේ තිබෙන බවත් නගර සභා සෞඛ්‍ය නිලධාරීහු පවසති.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ට ලද තොරතුරක් මත මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් මෙම වැටලීම සිදු කරනු ලැබිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


GalleryGalleryGalleryGallery
ReeCha