උද්දමනය තුන්වන වරටත් පහළට..
SL Protest
Financial crisis
Economy of Sri Lanka
By Sithumi
අඛණ්ඩව තුන්වන මාසයටත් මෙරට උද්ධමනය අඩුවී තිබෙන අතර දෙසැම්බර් මාසයේ උද්ධමනය දැක්වෙන්නේ 57 යි දශම 2 ක් ලෙසයි.
නොවැම්බර් මාසයේ උද්ධමනය 61 යි දශම බිංදුවක් ලෙස දැක්වෙනවා.
මෙලෙස මාසික උද්ධමනය පනහේ සීමාවට යළි පැමිණියේ මාස 05 කට පසුව වීම විශේෂත්වයක්..
එමෙන්ම දෙසැම්බර් මාසයේ ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ පැවති 73 යි දශම 7 සිට 64 යි දශම 4 දක්වා අඩුවී ඇත.
මෙලෙස ආහාර උද්ධමනය හැටේ සීමාවට පැමිණියේ මාස 06 කට පසුව වීම විශේෂත්වයක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |