සීදූව ප්‍රහාරයෙන් පියත් ජීවිතක්ෂයට..!
පසුගියදා සීදූව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එකම පවුලේ තිදෙනාගෙන් පියාද අද (06) ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය 28 වැනිදා, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඔවුන් තිදෙනාට වෙඩි තබා පළා ගොස් තිබු අතර එම ප්‍රහාරයෙන් එක් පුත්‍රයෙකු ජීවිතක්ෂයට පත් විය.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ, මෙම වෙඩි තැබීම විදේශයක සිට මෙහෙයවා ඇති බවයි.
මේ වනවිට අනාවරණය වී ඇත්තේ අදාළ පාර්ශ්වය විසින් වෙඩික්කරුවන්ට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ එම පවුලේ ව්‍යාපාරික පුත්‍රයා ඝාතනය කරන ලෙසය.
කෙසේ නමුත් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
………………………………………………………………………………
You may like this video 👇