මෙරට ප්‍රධාන නගරයේ ආරක්ෂාව හදිසියේම තර කරයි..බුද්ධ අංශ නිලධාරීනුත් සීරුවෙන්.
කොළඹ නගරයේ ස්ථාන රැසකට බුද්ධ අංශ නිලධාරීන් කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත ආශ්‍රිතව පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන්කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.
එමෙන්ම ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස් කර ඇති අතර, රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සදහා අනුයුක්ත කර ඇති බව ඔහු පැවසීය.
මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයින් සෙවීම සදහා කොළඹ නගරයේ ස්ථාන රැසකට බුද්ධ අංශ නිලධාරීන් ද අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම කොවිඩ් නීති උල්ලංගණය කරමින් කටයුතු නොකරන්නන්ට එරෙහිව ද පියවර ගැනීමට පොලීසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |