කොළඹ ගොඩනැගිල්ලක තිබී හමුවූ අමුතුම දේ
srilanka
colombo
Sequrity essue
By Sithumi
කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව එම උණ්ඩ සොයාගෙන ඇති බවය.
එම උණ්ඩ අතර T56 ජීව උණ්ඩ 176ක් සහ 9mm ජීව උණ්ඩ 29ක් තිබී ඇත. එම ගොඩනැගිල්ලේ සේවය කරන සනීපාරක්ෂක සේවකයෙකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති බවද වාර්තා වෙයි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ සඳහා සහාය ලබාදෙන බවද අප වාර්තාකරු පැවසීය.
දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන..ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
|