කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි ආරක්ෂාවක් - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

හෙට (24) දිනයේ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සිදුකරන ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි ආරක්ෂාවක් - පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. | Security For Colombo As Well As Several Areas

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ඒ අනුව හෙට කොළඹට මෙන්ම ප්‍රදේශ කිහිපයකටම මෙලස ආරක්ෂාව යොදා තිබෙනවා.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඒකාබද්ධව විවෘත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනය පරිදි ආචාර්ය ඊබ්‍රහිම් රයිසි නිල ද්විපාර්ශ්වික සංචාරයක නිරත වීමට නියමිතයි.

හෙට දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම යෙදී ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සහ ඉරානය විසින් අරමුදල් සපයන ලද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලිය උත්පාදනයක් එක් කිරීමට නියමිතය.