අඟුලාන මුහුදේ සිදුවූ ඛේදවාචකය - අතුරුදන් වූ නාවික ලෙෆ්ටිනන්ට්වරයා සොයා 3 වන දිනයටත් දැවැන්ත මෙහෙයුමක්[VIDEO]

By Kanchana Aug 17, 2026 07:21 AM GMT
Report

 නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මොරටුව අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා තුන්වන දිනයටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කර තිබේ.

   නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සෙනසුරාදා පෙරවරු 11.40ට පමණ මොරටුව අඟුලාන වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 3ක දුරකදී අනතුරට ලක්වූයේ මුර සංචාරයක් නිමවා නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදීය.

ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ප්‍රමුඛව ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, අඟුලාන පොලිසිය එක්ව සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමේදී නාවිකයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු බේරාගැනුනු අතර ඔවුන් මේ වනවිටත් නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත .

ඒ වගේම අනෙක් නාවික නිලධාරියා සොයා අද (17) තුන්වන දිනයටත් මෙහෙයුම් ක්‍රියාත්මක නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නොමැති බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කර තිබේ .

රුපියල තවත් බලවත් වෙයි - ප්‍රමුඛ වාණිජ බැංකු රැසක ඩොලර් අනුපාත තවදුරටත් පහළට

රුපියල තවත් බලවත් වෙයි - ප්‍රමුඛ වාණිජ බැංකු රැසක ඩොලර් අනුපාත තවදුරටත් පහළට

මෙලෙස අතුරුදන්ව ඇත්තේ නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් ධුරයේ කටයුතු කළ උදයප්‍රිය නැමැති බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි මෙලෙස අනතුරට ලක්වූ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩට ගැනීමේ මෙහෙයුම් ඊයේ (16) ආරම්භ කර ඇත

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විශේෂඥ කිමිදුම් කණ්ඩායම් ආධාරයෙනි. මුහුදේ පවතින රළු ස්වභාවය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් යාත්‍රාව ගොඩට රැගෙන ඒම දුෂ්කර වී තිබේ .