තොග බෙදාහරින සීනි ගබඩාවකට මුද්‍රා තැබේ.
Sri Lanka
By Wayomi
අද (14) පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සීනි ආනයනකරුවන්ගේ ගබඩා සහ තොග බෙදාහරින ගබඩාවක් මුද්‍රා තබා තිබෙනවා.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කළ විශේෂ පරීක්ෂාවකට පසුවයි.
එහිදී ප්‍රධාන ආනයනකරුවෙකුගේ ගබඩාවක තිබී සීනි මෙට්‍රික්ටොන් 270ක් සොයාගෙන ඇති අතර ඒවා සිය භාරයට ගෙන මෙලෙස මුද්‍රා තැබීමට නිලධාරීන් පියවර ගැනුණා.
මේ අතර තොග බෙදාහරින ස්ථානයක් පරීක්ෂා කිරීමේදී වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 5ක් ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන ගබඩාවට මුද්‍රා තබා එහි හිමිකරුට නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.
