අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල් දැමුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අද සිට..
2023 වසරට අදාළව පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද(8) ආරම්භ කරඇත.
විභාග කොමසරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ පෙරේදා(6) පිළිතුරුපත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු අද දක්වා කල් දැමුණු බවයි.
පසුගිය මස මැයි මස 6 වනදා ඇරඹුණු සාමාන්‍ය පෙළ විභාගය 15 වනදා දක්වා පැවැත්විය .