විද්‍යාගාරය තුළ දී සිසුවියන් 3කට ගුරුවරයෙක් කළ හදියක්. - හැංගි හොරා නටපු තවත් නැටුම් රැසක් එළියට.
සිසුවියන් තිදෙනෙකු පාසලේ විද්‍යාගාරය තුළ දී අපයෝජනයට ලක්කළ බවට සැකපිට එම විද්‍යාලයේම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිතුල්ලේ, පල්ලේදෝව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක ගුරුවරයෙක් වන අතර අදාල සිදුවීමට මුහුණ දී ඇත්තේ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කලපයට අයත් පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙක්.
එම ගුරුවරයා 9 වන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරයා ද වන අතර, ඔහු විද්‍යාව විෂය උගන්වන අයෙක් බවත්,ඔහු බිරිඳ ද ගුරුවරියක් බවත් පොලීසිය අනවරණය කරගෙන තිබෙනවා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ ගුරුවරයා එක් සිසුවියක් සමඟ ආදර සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම සිසුවිය හරහා අනෙක් සිසුවියන් දෙදෙනා ද අපයෝජනයට ලක්කර ඇති බවයි.
සිසුවියන්ගෙන් ලද තොරතුරු මත අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එක් සිසුවියකගෙන් වට්සැප් මඟින් ඇඟේ නිරුවත් ඡායාරූප ඉල්ලා බලහත්කාරකම් කර ඇති බව ද අනාවරණය වී ඇත.
ඒ, අනුව ගුරුවරයාගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් ගුරුවරයා අද (21) වලපනේ මහෙසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පාසල් සිසුවියන් තිදෙනා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රිකිල්ලගස්කඩ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.