පාසල් 144කට හදිසි දැනුම්දීමක්..වහාම මේ ගැන අවධානයෙන් සිටින්න..

Ministry of Education Badulla Weather Sri Lankan Schools Education
By Aruna Nov 06, 2023 02:02 AM GMT
Aruna

Aruna

Report

විශාල නායයාමක් හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බැවින් එම මාර්ගය භාවිතා කරමින් අද(06) දින යම් පාසලකට රාජකාරියට වාර්තා කිරීමට විදුහල්පති ගුරු භවතුන් හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට අපහසු වන්නේ නම් එවැනි නිලධාරීන් අද දිනයේ යාහැකි ආසන්න පාසලක් වෙත සේවයට වාර්තා කරන ලෙස කලාපයේ පාසල් 144 ක විදුහල්පතිවරුන්ට දැන්වූ බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මික හේරත් මහතා, විදුහල්පතිවරුන් ගෙන් ඉල්ලා ඇත්තේ, මෙම ප්‍රවේශ අපහසුතා මත පාසල් කිහිපයක ගුරු පැමිණිමේ අඩුවක් ඇති විය හැකි බැවින් එවැනි පාසල් වල සේවයට වාර්තා කරන විදුහල්පති ගුරු හා අනධ්‍යන කාර්ය මණ්ඩල මහත් මහත්මින් පාසලට පැමිණෙන දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසයි.

ReeCha