පාසල් සිසුන්ට සුභ ආරංචියක්.. මාසයකට රු .6000 බැගින් දෙන්න යයි..

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ සංකල්පයකට අනුව, ආර්ථික අපහසුතා සහිත අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් විශේෂ දක්ෂතා දක්වන සිසුන් සඳහා අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යාම වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ජූනි 19 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

අ.පො.ස උසස් පෙළ හදාරන තෝරා ගත් සිසුන් 6000ක් වෙනුවෙන් මසකට රුපියල් 6000/- බැගින් මාස 24ක් පුරා ලබා දීමට නියමිත ශිෂ්‍යත්ව අතරින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව 242 ක් හිමි වී ඇත.

ජනපතිගේ නිර්දේශ මත පිරිසකට හදිසි වැටුප් වැඩි කිරීමක්...ඊයේ සිට ක්‍රියාත්මකයි..

ජනපතිගේ නිර්දේශ මත පිරිසකට හදිසි වැටුප් වැඩි කිරීමක්...ඊයේ සිට ක්‍රියාත්මකයි..


ඒ අනුව එම සියලු ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඔවුන්ට හිමි හිඟ වාරික ද සමඟ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය එදින සිදු කිරීමට නියමිතය.

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000 ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන අනුව කොළඹ දිස්ත්‍රික්කයට දළ වශයෙන් ශිෂ්‍යත්ව 5,000 ක් පමණ හිමි වන අතර කලාප අධ්‍යාපන කාර්යාල මඟින් දැනටමත් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කර ඇති ශිෂ්‍යත්වලාභී නාම ලේඛනයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 396 අතුරින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන් 1758 දෙනෙකු සඳහා ද හිඟ වාරික මුදල් ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.

ශිෂ්‍යත්ව අයදුම්පත්‍රය සමඟ ලබා දී ඇති දුරකථන අංක වෙත හා කෙටි පණිවිඩ යැවිය හැකි දුරකථන අංක වෙත දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ මඟින් ශිෂ්‍යත්වලාභීන් දැනුවත් කිරීම සිදු කෙරේ.

මධුසමයෙන් ලංකාව ඉහළ තැනකට එයි..හේතු වෙච්ච කාරණා මෙන්න..

මධුසමයෙන් ලංකාව ඉහළ තැනකට එයි..හේතු වෙච්ච කාරණා මෙන්න..


තවද මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට නියමිතිය.

කෙසේ වුවද කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ශිෂ්‍යත්වලාභීන් සඳහා හිඟ වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව වාරික මුදල් ඉදිරි දින කිහිපය තුළ බැංකුගත කිරීමට කටයුතු කරන අතර එසේ මුදල් බැංකුගත කිරීමෙන් පසු කෙටි පණිවිඩයක් මඟින් (SMS) අදාල ශිෂ්‍යත්වලාභින් දැනුවත් කිරීමට ද කටයුතු කෙරේ.

මීට සමගාමීව අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා තෝරාගෙන ඇති ශිෂ්‍යත්වලාභින් සඳහා ද ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

අවුරුදු 24 තරුණියකට සම්බාහන කුටියකදී 41 හැවිරිදි පුද්ගලයෙක් කරපු දේ බලන්න..

අවුරුදු 24 තරුණියකට සම්බාහන කුටියකදී 41 හැවිරිදි පුද්ගලයෙක් කරපු දේ බලන්න..


ජනාධිපති මාධ්‍ය අංශය


Gallery