ගිංඔයට පැන්න පාසල් තරුණියගේ ඛේදවාචකය හෙළි වේ - සිරුරත් ගොඩගෙන [UPDATE]

Report

වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේදී ගිංඔයට පැන අතුරුදන් සිටි තරුණියගේ සිරුර හමුවී ඇති බව වෙන්නප්පුව පොලීසිය වාර්තා කරයි. ඒ අනුව එසේ මියගොස් ඇත්තේ ජා ඇළ - බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන උදයංගනා සත්සරණී නම් 17 හැවිරිදි පාසල් සිසුවියක් බව සඳහන්.

එසේම ඇය මියයන විට කොච්චිකඩේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට තිබෙනවා.

මේ අතර තරුණියව බේරාගැනීමට ගිංඔයට පැන ඇති 18 හැවිරිදි තරුණයාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ප්‍රතිකාරවලට මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඊයේ (28) දින සවස 5.30ට පමණ මෙම ඛේදවාචකය සිදුව ඇත. ඒ අනුව ගිංඔය පාලම ආසන්නයට පැමිණි තරුණිය සිය පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුව එම ස්ථානයට ගෙන්වා ගෙන තිබෙනවා.

දෙවියනේ ඇමතුමක් දී පෙම්වතාට එන්න කියා අවුරුදු 17 පෙම්වතිය ගිංඔයට පැනලා

දෙවියනේ ඇමතුමක් දී පෙම්වතාට එන්න කියා අවුරුදු 17 පෙම්වතිය ගිංඔයට පැනලා

අනතුරුව ඇය ඔයට පැන ඇති අතර, සිය පෙම්වතිය බේරාගැනීමට තරුණයා ද ගිංඔයට පැන තිබෙන බව සඳහන්.

ඊට අමතරව පොලීසිය සඳහන් කළේ මියගිය තරුණියගේ මව මේ වනවිට දෙවන විවාහයක් සිදුකරගෙන ඇති බවත් ඇයගේ පවුල තුළ අභ්‍යන්තර ගැටලු පැවත ඇති බවත් ය.

කෙසේ වෙතත් මියගිය තරුණියගේ සිරුර අද (29) දින දහවල් පාලම ආසන්නයේ පාවෙමින් තිබිය දී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබෙන අතර, පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

බෝම්බ 2ට පුපුරනවා කියලා තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකකට පණිවුඩ - බෝම්බ බිය නිසා විශේෂ සෝදිසි මෙහෙයුම්

බෝම්බ 2ට පුපුරනවා කියලා තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකකට පණිවුඩ - බෝම්බ බිය නිසා විශේෂ සෝදිසි මෙහෙයුම්

ලොවක් දන්න සුපිරි නළු තලපති විජේට අන්තිම තත්ත්පරේ වෙච්ච දෙයක් - දෙනෝ දාහක් මැද වැටිලා

ලොවක් දන්න සුපිරි නළු තලපති විජේට අන්තිම තත්ත්පරේ වෙච්ච දෙයක් - දෙනෝ දාහක් මැද වැටිලා